ආනන්ද විද්‍යාලයේ හිටපු බේස්බෝල් පුහුණුකරුවෙකු වන සුජීව විජයනායක මහතා ජගත් බේස්බෝල් විනිසුරුවරයෙකු ශ්‍රී ලංකාවේ හා ජපානයේ සුදුසුකම් ලබා ඇති අතර, ඔහු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලනය විසින් පැවැත්වීමට නියමිත ලෝක විශ්ව විද්‍යාල ශූරතාවයට විනිසුරුවරයෙකු ලෙස එක්වීමට නියමිතය.
ඇමෙරිකාව, ජපානය, කොරියාව, හොංකොං හා රුසියාව ඇතුළු රටවල් කිහිපයක් සහභාගී වන මෙම ශූරතාවලිය තායිවානයේදී අද (ජූලි 06) - 15 දක්වා පැවැත්වෙනු ඇත.
ඔහු මෙම තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස පත් කර ඇත්තේ ජගත් බේස්බෝල් සොෆ්ට්බෝල් සම්මේලනය හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා සම්මේලනය විසිනි.
මෙහි විශේෂත්වය වන්නේ විනිසුරුවරයෙකු ලෙස රටවල් 2කින්ම ජාත්‍යන්තර සුදුසුකම් ලද එකම විනිසුරුවරයා වීමයි.
තවද, ඔහු ජාත්‍යන්තර විනිසුරුවරයෙකු ලෙස ආසියානු බේස්බෝල් සම්මේලනයෙන්ද ගත් බේස්බෝල් සොෆ්ට්බෝල් සම්මේලනයෙන් ද සුදුසුකම් ලබා තිබේ.
වසර 2007 සිට විනිසුරුවරයෙකු ලෙස ජපානයේ කටයුතු කරන විජයනායක මහතා, එරට අගමැති ෂින්සෝ අබේ මහතා ද හමුවී ඇති අතර, අගමැතිවරයා විසින් ඔහුව ඇගයීමට ලක්කර ඇත.