Jul 09, 2018

පුහුණුකරු තිලාන් : කළමනාකරු ලැබ්රෝයි ! Featured

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිල හා තරගාවලියට ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත් කිරීමට නියමිතව ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඊට අමතරව කළමනාකරු ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි පත් කිරීමට නම යෝජනා වී ඇති බවද පැවසේ.

පසුගිය කොදෙව් සංචාරය අතරතුර තරගයකදී නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව වෙනස් කිරීම සහ පලුදු කිරීමේ චෝදනා එල්ල වූ අවස්ථාවේදී තරග වැදීම ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමානාකරු අසංක ගුරුසිංහ හා නායක දිනේෂ් චන්දිමාල් සම්බන්ධ අයි.සී.සී.යේ පරීක්ෂණය හෙට (10) පැවැත්වේ.

මේ පරීක්ෂණයේදී චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහට උපරිම තරග 6ක තහනමක් හෝ ඊට අඩු තරග තහනමක් ලැබිය හැකි බව පැවසේ.

කෙසේවුවද, මේවන විට හතුරුසිංහ සිටින්නේ ඔස්ට්‍රේලියාවේය.

සබැඳි පුවත්
හතුරු පොසොන් මහේ නොකියාම ගිහින් !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top