මේ සදහා හේතුවී ඇත්තේ සනත් ජයසුරිය මහතා විසින් තෝරනු ලබන ඇතැම් ක්රීඩකයින්ට නායක ඇන්ජෙලෝ මැතිස් සහ ප්රධාන පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා අකමැත්ත පල කිරීමයි.
දකුණු අප්රිකානු සංචාරයට ශ්රී ලංකා කණ්ඩායම නම් කිරීමේදීද මේ ගැටලුව දැඩි ලෙස මතුවී ඇතැයි පැවසේ.
කෙසේ නමුත් වත්මන් තේරීම් කමිටු සභාපතිවරයා මෑත කාලයේ නවකයින් රැසකට ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ දොරටු විවර කර දී ඇති බවද නොරහසකි.
කුසල් මෙන්ඩිස්,ධනංජය ද සිල්වා,දුෂ්මන්ත චමීර,අමිල අපෝන්සු ,අසේල ගුණරත්න ,දසුන් ශානක,කසුන් රාජිත,අවිශ්ක ප්රනාන්දු,ලක්ෂාන් සදකැන් වැනි ක්රීඩකයින් ඒ අතර ඉදිරියෙන්ම සිටියි.
ක්රීඩා විචාරකයින් පවසන්නේ ජයසූරිය මහතා ක්රීඩා කරන අවදියේ සිටි මේ වන විටත් ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩා කරන ජේයෂ්ටයින් සමග ඔහු තරමත් අසතුටින් සිටින බවය.
-T'du-