Dec 20, 2016

මුම්බායි ඉන්දියන්ස් මාලිව තියා ගනියි

ලබන 2017 වසරේ පැවැත්වෙන ඉන්දියානු ප‍්‍රමුඛ ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ (අයි.පී.එල්.) මුම්බායි ඉන්දියන්ස් කණ්‌ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට ශ්‍රී ලංකා රුපියල් කෝටි 16 කට වැඩි වටිනාකමක්‌ ලබාදීමට මුම්බායි කණ්‌ඩායමේ බළධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩක ලැයිස්තුව අයි.පී.එල්. නිල වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර ලසිත් මාලිංග වෙන්දේසියට ඉදිරිපත් නොකර තවදුරටත් සිය කණ්ඩාය මේම තබා ගැනිමට මුම්බායි කණ්ඩායම තීරණය කර ඇත.

කෙසේ වෙතත් තරගාවලියට එක්වෙන කණ්ඩායම් සියල්ලම එම කණ්ඩායම්හි සුවිශේෂී ක්‍රීඩකයන් ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර සිය කණ්ඩායමේම රඳවා ගැනිමට තිරණය කර තිබේ.

මේ අතර රයිසින් පූනේ කණ්ඩායමට ක්‍රීඩා කරන තිසර පෙරේරා ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කර තිබේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top