Jul 11, 2018

ප්‍රංශ පාපන්දු ලෝලීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)

ප්‍රංශ පාපන්දු රසිකයන් හට එරට පොලිසිය විසින් ඊයේ (10) රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ගෝල 1-0 වශයෙන් බෙල්ජියම පරදා ෆීෆා ලෝක කුසලානයේ අවසාන මහා තරගයට එක්වීමට ප්‍රංශ පාපන්දු පිල සමත්වීමත් සමග එම අවස්ථාව සැමරීම සඳහා පාපන්දු ලෝලීන් දහස් ගණනක් පැරිස් අගනුවර Champs-Elysee ප්‍රදේශයට එක්වී තිබේ.

මෙහිදී පොලිසිය විසින් ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර, පාපන්දු ලෝලීන් විසින් පොලිසියටද ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

මෙම අවස්ථාවේ දසුන් කිහිපයකි මේ.

(වීඩියෝ : Ruptly)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top