nsb
Sathosa

Jul 12, 2018

චන්දි - හතුරු -ගුරා ද. අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් ඉවතට !

පැයකටත් අඩු කාලයකින් ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු තරගාවලියට තමන් සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක - දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු වන චන්දික හතුරුසිංහ හා කණ්ඩායම් කළමනාකරු වන අසංක ගුරුසිංහ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

ඊ.එස්.පී.එන්. ක්‍රීඩා වෙබ්අඩවියේ දැක්වෙන අන්දමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මොවුන් තිදෙනාට එරෙහිව ඇති චෝදනා විභාගකිරීමෙන් අනතුරුව ක්‍රිකට් ජීවගුණය හානිකිරීමේ තුන්වැනි ඛාණ්ඩයේ වරදක් (Level three spirit of cricket offence) යටතේ වරදක් සිදුකළ බව ඔවුන් පිළිගෙන තිබේ.

ඊයේ දින මෙරට වේලාවෙන් ප.ව. 6.00ට පමණ ආරම්භ වූ මෙම චෝදනා විභාගකිරීම පැය 5කට අධික කාලයක් පුරා පැවතිණි.

ටෙස්ට් තරගය ඇරඹීමට පැය 10ක් පමණ තිබියදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා සිටියේ මෙම චෝදනා විභාගයේ තීන්දුව ඉදිරියේදී ලබාදෙන බවයි.

මෙම තිදෙනා මෙම තරගාවලියට සහභාගී නොවීම පුදුමයට කරුණක් නොවන බව ඊ.එස්.පී.එන්. ක්‍රීඩා වෙබ්අඩවියේ දැක්වේ. මක්නිසාද යත්, ඉහත ඛාණ්ඩය යටතේ වරදක් සඳහා අවම දඬුවම ලෙස දඬුවම් ලකුණු (suspension points) 4ක් නියම වන අතර, ඒ අනුව ටෙස්ට් තරග දෙකක තහනමක් නියම වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top