ගෝල 2-1 වශයෙන් එංගලන්තය පරදා ෆීෆා ලෝක කුසලානයේ අවසාන මහා තරගයට එක්වීමට ක්‍රොඒෂියානු පාපන්දු පිල සමත්වූ අතර, එම කණ්ඩායම ඉරිදා දින ප්‍රංශ කණ්ඩායමට එරෙහිව අවසාන මහා තරගයේදී තරග වැදෙනු ඇත.
අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමත් සමග ක්‍රොඒෂියානු ජාතිකයන් විසින් එරට සාග්‍රෙබ් අගනුවර වීදි වලට බැස මෙම ඓතිහාසික අවස්ථාව සැමරූ අයුරුයි මේ.
මීට කලින් ප්‍රංශ පාපන්දු කණ්ඩායම, බෙල්ජියම පරදා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමත් සමග එම අවස්ථාව සැමරූ පැරීසියේ වැසියන් අතර හා පොලිසිය අතර ගැටුම් ඇති වුණ අතර, එම පිරිස් මර්දනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණි.
(වීඩියෝ : Ruptly)
සබැඳි පුවත් :
ප්‍රංශ පාපන්දු ලෝලීන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් (වීඩියෝ)