Jul 16, 2018

චන්දි - හතුරු - ගුරා ට තරග 6 ක තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඬුවම් ලකුණු 08 ක් ලබාදී තිබේ.

මේ තීන්දුව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (16) ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබුණි.


මේ අනුව ඔවුන්ට දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරග දෙකට මෙන්ම පළමු එක්දින ජාත්‍යන්තර තරග 4ට ද සහභාගී වීමට නොහැකි වේ.

පසුගිය මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශාන්ත ලූෂියා හි දී පැවති ටෙස්ට් තරගයේදී ක්‍රිකට් ජීවගුණය හානිකිරීමේ තුන්වැනි ඛාණ්ඩයේ වරදක් (Level three spirit of cricket offence) යටතේ වරදක් සිදුකළ බව ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි.

(ICC නිල වෙබ් අඩවිය ඇසුරෙනි)

සබැඳි පුවත් :
චන්දි - හතුරු -ගුරා ද. අප්‍රිකානු ටෙස්ට් තරගාවලියෙන් ඉවතට !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top