Sathosa

Jul 21, 2018

HSBC ‘ෆියුචර් ලයන්ස්’ ජූලි 27දා සිට 

පාසැල් දරුදැරියන් අතරට ගොල්ෆ් ක්‍රීඩාව ගෙනයාමේ අරමුණෙන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය හා HSBC බැංකුව විසින් ආරම්භ කර ඇති ‘ෆියුචර් ලයන්ස්’ බිම්මට්ටම් වැඩසටහන ඔස්සේ දිවයින පුරා නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800ක් පමණ එක්කරගැනීමට බලාපොරොත්තු වන බව එහි සංවිධායක කමිටුව පවසයි.
පසුගිය වසරේ දී ආරම්භ වූ ‘ෆියුචර් ලයන්ස්’ බිම්මට්ටම් වැඩසටහන මෙවරද ජූලි 27දා සිට පැවැත්වෙනු ඇත.
 
‘ෆියුචර් ලයන්ස්’ බිම්මට්ටම් වැඩසටහන පාසැල් දරුදැරියන් 300ක ගේ සහභාගීත්වෙයන් පසුගිය වසරේදී ස්ථාන 5ක් පුරාවට (වැලිසර, මහනුවර, කිළිනොච්චිය, අනුරාධපුරය හා නුවරඑළිය යන ස්ථාන වල පැවැත්වුණි.
 
වයස අවු. 08-13 අතර දරුදැරියන්ට විවෘතව පවතින මෙම වැඩසටන මේ වසරේදී හම්බන්තොට ෂැංග්‍රිලා ගොල්ෆ් පිටියට, දියතලාවේ හමුදා ගොල්ෆ් පිටියට හා ත්‍රිකුණාමලයේ ගොල්ෆ් ලින්ක්ස් චයිනා බේ වෙතද ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා තිබේ.
 
ලියාපදිංචි කිරීම් හා වැඩිදුර විස්තර සඳහා 0714-327343 වන ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ විශේෂ දුරකතන සබඳතාවය ඔස්සේ දුමින්ද මහතා අමතන මෙන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සඳහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top