මෙම අවස්ථාවට ළමුන් හා වැඩිහිටියන් දහස් ගණනක් එක්විය.
වසර 2020 ඔලිම්පික් තරගාවලියේ සුරතලා වන්නේ “මිරයිටෝවා” (Miraitowa) ය. ක්රීඩාශීලි මෙන්ම ඉතා සාධාරණ මිරයිටෝවා, සුදු සහ නිල් පැහැ කොටුවලින් වර්ණ ගන්වන ලද සත්ත්ව රූපයකි. ජපන් භාෂාවට අනුව ’මිරයි’ හා ‘ටෝවා’ යන්නෙහි තේරුම පිළිවෙළින් අනාගතය හා සදාතනිකත්වයයි. ලොවපුරා මිනිසුන් ගේ හදවත් වල සදාතනික බලාපොරොත්තු වලින් පුරවා තැබීමේ අරමුණින් “මිරයිටෝවා” නාමය තෝරාගෙන තිබේ.
පැරා ඔලිම්පික් ක්රීඩා උළෙලේ සුරතලා ලෙස කළඑළි බැස ඇත්තේ “සොමෙටී” (Someity) ය. “සොමෙටී” යනු රෝස සහ සුදු පැහැයන්ගේ සංකලනයෙන් හැඩ ගන්නවන ලද සුරතලෙකි. වැඩි කලබලයක් නොමැති සෙමෙටී හට ඒ නම ලැබී තිබෙන්නේ සොමෙයියෝෂිනෝ (Someiyoshino) යනුවෙන් හැඳින්වෙන චෙරි මල් විශේෂයක් පදනම් කරගෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.