Sathosa

Jul 26, 2018

එක්දින තරගාවලිය ආවරණයට පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ! Featured

සම්ප්‍රදායක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් තරග ආවරණය කරන මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල ක්‍රීඩා කර්තෘවරුන් හා ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ට ක්‍රිකට් තරග නැරඹීමට නොමිලේ ලබාදෙන ප්‍රවේශපත්‍ර (complimentary tickets) මෙවර වැඩිපිරිසකට ලැබී නැතැයි වාර්තා වේ.

අදාළ ප්‍රවේශපත්‍ර ලබාදීමේ කටයුත්ත සිදුකර ඇත්තේ මාධ්‍ය කළමනාකරු (logistics) දිනේෂ් රත්නසිංහම් විසිනි.

ඔහු අදාළ ප්‍රවේශපත්‍ර තරග ආවරණය කරන මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල ක්‍රීඩා කර්තෘවරුන් හා ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ට ලබා නොදී නිලූෂි ශිරන්තිකා නැමැති කාන්තාවක් හා එක්ව පාර්ලිමේන්තු කටයුතු ආවරණය කරනු ලබන මාධ්‍යවේදීන්ට ලබාදී ඇතැයි පැවසේ.
 
නිලූෂි නැමැත්තිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරිය බව පැවසෙන අතර ඇය පාර්ලිමේන්තුවෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද වැටුප් ලබන බවද මේ අතර වාර්තා වේ.
 
ඊට අමතරව එහි තවත් ප්‍රධානියකු වන අරුණ ද සිල්වා නැමැත්තා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට තරග නැරඹීමට නොමිලේ ලබාදෙන ප්‍රවේශපත්‍ර (complimentary tickets) සේවකයන්ට ලබා නොදී ඔහුගේ හිතමිතුරන් අතර බෙදා දී ඇති බවද ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top