Jul 26, 2018

උපදෙස් දෙනවට වැඩිය කට වහන් ඉන්න එක හොඳයි - අර්ජුන (හඬපටය)

ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා සාධනීය මැදිහත් වීමක් ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු විය යුතු බව ලෝක දෘශාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති ජී. කේ. මහන්දෙෂ් මහතා පවසයි.
 
ඔහු මේ බව පවසා තිබුණේ ඉන්දු ශ්‍රී ලංකා දාශ්‍යාබාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ජය සංකේත ප්‍රදානයට එක්වෙමිනි.
 
“ලෝකයේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව දියුණුව වී තිබෙන්නේ එරට ක්‍රිකට් පාලක මණ්ඩලවල මැදිහත් වීමෙන්. ඉන්දියාව, පාකිස්ථානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඊට උදාහරණ. දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ එම රටවල පාලක මණ්ඩල යටතේයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගය අවශ්‍ය වනවා. ඒ අනුව දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමත් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයත් එකට එක් කළ යුතු බව මම සිතනවා. එය සිදු කිරීමට රජයට උපදේශයක් ලබා දෙන්නැයි මම අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිරන්තර සහයෝගය නැත්නම් දෘශ්‍යාබාධිත ක්‍රිකට්වලට ඉදිරියට යන්න බැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සෙල්ලම් කළ විදිහ බොහෝම සිත්ගන්නා සුලුයි....” යි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
මේ අවස්ථාවට එක්වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඉතා දුක් මහන්සියෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉහළ ප්‍රගතියකට පැමිණීම ගැන තමන් හදවතින්ම සතුටු වන බවයි.
 
“ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරයේ එක්දින තරගාවලිය ජය ගැනීමට සමත් වුණා. එය හොඳ ප්‍රවණාවක්. ඒ වගේම ලෝක දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සභාපති මගෙන් ඉල්ලා සිටියා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට සඳහා මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දෙන ලෙස. නමුත් මම උපදෙස් දුන්නොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට සහාය දීම නතර කරාවි. ඒ නිසා කට වහගෙන ඉන්න එක හොඳයි. නමුත් මම දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ නිතරම සිට ගනිමින් ඔවුනට ශක්තියක් වෙනවා. අපිට අනාගතයේදී තවත් හොඳ ප්‍රතිඵල ඔවුන්ගෙන් ලබා ගැනීමට හැකිවේවි,…” යැයි ද හෙතෙම පවසා සිටියේය.
 
මහන්දෙෂ් මහතා හා රණතුංග මහතා විසින් මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් අදහස් දැක්වූයේ මෙසේය  :
 ඉන්දු ශ්‍රී ලංකා දාශ්‍යාබාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයද ජයගනිමින් 4-0ක් ලෙස ශූරතාව ජයගැනීමට ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම සමත් විය.
05
cricket
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top