ඒ, ශාන්ත කිට්ස් හි වෝනර් පාක් ක්‍රීඩාංගනයේ දී බංගලාදේශයට එරෙහිව පැවැති තෙවැනි හා අවසන් එක්දින ජාත්‍යන්තර තරගයේදීය.
පන්දු 66කදී හයේ පහර පහකින් සමන්විත ලකුණු 73ක අලංකාර ඉනිමක් ක්‍රීඩා කිරීමට ගේල් සමත් විය. තරගය සමග බංගලාදේශයට එරෙහිව පැවති එක්දින තරගාවලියද 2-1 ක් ලෙස ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.
මේ අනුව, අෆ්රිඩි මෙන්ම ගේල් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ලබාගෙන ඇති හයේ පහරවල් ගණන 476කි. අෆ්රිඩි මෙම වාර්තාව තබා ඇත්තේ තරග 524ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව වුවත්, මෙම වාර්තාව සම කිරීමට ගේල්, තරග 443ක් තුළදී සමත්වී තිබේ.
අගෝස්තු 01දා බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි 20 තරගයේදී ගේල් විසින් මෙම වාර්තාව අභිබවා යනු ඇතැයි අපේක්ෂ්කා කෙරේ.