Pasidol
Sathosa Ad Final Sinhala
Dec 22, 2016

වසරේ ටෙස්ට් කණ්ඩායමට රංගන නම් වෙයි

ශ්‍රී ලංකාවේ දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් 2016 ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකත්වය දිනා ගැනීමට සමත්ව තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාවෙන් කිසිඳු ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට ඇතුළත්ව නැති අතර කණ්ඩායමේ නායකත්ව එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක ඇලෙස්ටෙයාර් කුක් වෙත හිමිවී ඇත.

මේ අතර 2016 ලෝක එක්දින කණ්ඩායමද නම් කර ඇති අතර කණ්ඩායමේ නායකත්වයට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිව නම්කර තිබේ.

2015 සැප්තැම්බර් 20 වැනිදා සිට 2016 සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක්‍රිකට් පිටියේ දැක්වු දක්ෂතා මත පදනම් වෙමින් මෙම කණ්ඩායම් දෙක නම් කිරීමට අයී.සී.සී. ය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top