අදාළ ප්‍රකාශයත් තිලංග මහතා ඔවුන් හිතා මතා නිදහස් කළේද යන්න කරුණත් නිසා මේ සිද්ධිය නැවත වරක් අනත්ර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ද අවධානයට ලක්ව ඇති බව ද පැවසේ.
සුමතිපාල මහතා මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පහත දැක්වේ.
අර්ජුනට හා අරවින්ද 1994 වසරේ පැවැති ශ්‍රී ලංකා පිලේ ඉන්දීය තරග සංචාරය අතරතුර ඉන්දීය බුකිකරුවකු වන මුකේෂ් ගුප්තා නැමැත්තෙකුගෙන් ඇමරිකානු ඩොලර් 15,000ක මුදලක් ගත් බවට චෝදනා එල්ලවී තිබිණි.
මේ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදීමට විශේෂ දූෂණ මර්ධන නිලධාරියකු ලෙස ඩෙස්මන් ප්‍රනාන්දු මහතාව තිලංග සුමතිපාල මහතා විසින් පත්කරනු ලැබිණි.
ඔහුට අදාළ වාර්තාව සකස් කිරීමට මසක කලක් ලබා දුන්නද පසුව ඩෙස්මන් මහතා ඉන්දියාවේ හා එංගලන්තයේ සංචාරය කර මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය බව පැවසීමෙන් එහි කාලය දික්ව තිබේ.
ඩෙස්මන් මහතා මාස අටකට පසුව අදාළ වාර්තාව සකස් කර බාරදුන් අතර ඒ වන විට තිලංග මහතා ඉවත් කර ඒ වෙනුවට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාත්මක වූයේ අතුරු කමිටුවකි.
එහි ප්‍රධානියා ලෙස එවකට කටයුතු කළේ විජය මලලසේකර මහතාය.