Sathosa

Aug 03, 2018

ක්‍රිකට් ඩිනර් එක මුස්තාපා නවත්වයි ! Featured

ලබන 10 වැනිදා ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා රාත්‍රී භෝජන සංග්‍රහය ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවැත්වීමට නියෝග කර ඇතැයි ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා මෙය නැවැත්වීමට තීරණය කර ඇත්තේ අදාළ භෝජන සංග්‍රහය පැවැත්වීමට ආරාධනා පත්‍රද සකස්කර තිබියදීය.

අදාළ, භෝජන සංග්‍රහය හරහා කාන්තාවක් ඇතුළු පිරිසක් කොමිස් ඉපැයීමට සූදානම්වීම හේතුවෙන් මේ භෝජන සංග්‍රහය නැවැත්වීමට අමාත්‍යවරයා නියෝග කර තිබේ.

ඉකුත් සභාපතිවරයාගේ සමයේදී මෙවැනි භෝජන සංග්‍රහ පවත්වා ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල පාඩු සිදුව ඇති බවට අමාත්‍යවරයාට ලැබුණු තොරතුරු මත මෙය නැවැත්වීමට ඔහු කටයුතු කර ඇති බවද පැවසේ.

අමාත්‍යවරයාගේ මෙම තීන්දුවට ක්‍රිකට් ප්‍රවීණයන්ගේ ප්‍රසාදය මතුව ඇති බවද පැවසේ.

(මිරර් ගේම්ස්)

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top