Aug 06, 2018

හිටපු අය පදින ඉන්ද්‍රානිගෙ වාහනේ ! Featured

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැති එක්දින තරග නැරඹීමට ගිය හිටපු ක්‍රිකට් පරිපාලනයේ උසභාපතිවරයකුට ක්‍රිකට් ආයතනයෙන් මෝටර් රථයක් ලබාදී අතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ මෝටර් රථයට ක්‍රිකට් ආයතනයෙන් රියදුරෙක්ද ලබාදී ඇති බව පැවසේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ උපදේශක හා භාරකාරිය ලෙස කටයුතු කරනු ලබන ඉන්ද්‍රානි ආරියරත්න මහත්මියගේ නම යොදා මේ මෝටර් රථය අදාළ උසභාපතිවරයාට ලබාදී ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, ඉන්ද්‍රානි මෙම තරගය නරඹා නැතැයි ද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්
තිලංග ගැනත් කෝප් කමිටුවේ අවධානය

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top