Sathosa

Aug 14, 2018

ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැසුමක්!

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇත.

මේ විමර්ශනය පවත්වන්නේ මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුවය.

මාතලේ පිහිටි තේ වත්තක් සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් මත කැලණිය ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු විසින් දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට මාලගමුව මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව දී ඇති බවත් මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන මාලගමුව මහතාට දැනුම් දී ඇත. මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය.

මේ පිළිබඳව අප කළ විමසුමකදී අදහස් දැක්වු ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පැවැසුවේ මේ සිද්ධිය පොලිසිය දැනුම් දුන් පසුව තමා ඒ පිළිබඳව පොලිසි මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවයි.

මේ තත්ත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත හෙයින් රජය මේ ගැන අවධානය යොමු කළ යුතුබව ඔහු වැඩිදුරටත් කීය.

(මුලාශ්‍රය - ලංකාදීප)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top