Aug 23, 2018

කබඩි සභාපති කෙළින් මිනිහෙක් !

ආසියානු ක්‍රීඩා උලෙළේ කබඩි කණ්ඩායම් පදක්කම් ලබා ගැනීමට අසමත් වීම ගැන වගකීම ගනිමින් කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරන ඉල්ලා අස්ව තිබේ.

මේ වන විටත් කණ්ඩායම සමග ඉන්දුනීසියාවේ සිටින ඔහු එහි සිටම තම ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා වෙත දන්වා ඇත.

ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන පරාජයන් හා අන්ත පරාජයන් සලකා බලන විට කබඩි ක්‍රීඩිකාවන් මූලික තරග වලදී ඉන්දුනීසියාව හා ජපානය පරදවමින් ප්‍රගතියක් පෙන්වූ අතර ක්‍රීඩකයන්ද මූලික තරගය ජය ගැනීමට සමත් විය.

කිසිදු පූර්ව සූදානමක් නොමැතිව හුදෙක් සංචාරයක් හා වන්දනාවක් ලෙස තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කොට ආසියානු ක්‍රීඩා උලෙළට ගොස් සිටින ක්‍රීඩා සංගම් බලධාරින් හමුවේ අනුර පතිරන මෙසේ ගන්නා ලද තීරණය එම කේෂත්‍රයේ ප්‍රවීණයන්ගේ ඇගැයීමට ලක්ව තිබේ.

එහෙත් කණ්ඩායමේ දුර්වලතාවක් සිදුවුවහොත් එහි වගකීම පුහුණුකරුටද අයත් වන බැවින් පුහුණුකරුවන් ද ඉල්ලා අස්විය යුතු බව ද ප්‍රවීණයෝ කියති.

අනුර පතිරණ මහතා ජාතික කබඩි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

kabadi01

Kabadi2

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top