ඔහු අවසන් පූර්ව වටය නිමා කර තිබුණේ තත්පර 46.21 කිනි.
මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.40ට පැවැත්වීමට නියමිතය.
කෙසේවුවද, ඊයේ පැවති තරගය තත්පර 46.53 කින් නිමා කළ එස්. අරුණ දර්ශන අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට අසමත් විය.
මේ අතර, පිරිමි දුර පැනීමේ ඉසව්වේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ඩබ්ලිව්.ඩී.ඒ.ජී. ජානක ප්‍රසා සුදුසුකම් ලැබූ අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 5.10 ට පැවැත්වීමට නියමිතය.
තවද, බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් යන ක්‍රීඩකයන් දෙදෙනා ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි යුගල බැඩ්මින්ටන් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට අද මුහුණදීමට නියමිත අතර, ඔවුන් ගේ ප්‍රතිවාදි කණ්ඩායම වන්නේ චීනයයි.