Aug 27, 2018

ශ්‍රී ලංකාවට කැරම් ‌ලෝක කුසලානය

ඉන්දීය කණ්ඩායමට පරාජය කරමින් කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඊයේ දකුණු කොරියාවේ පැවැති අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමිනි.

චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ශෂීඩ් සහ උදේෂ් ශෂික ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

එහි කාන්තා කණ්ඩායම් අංශයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

යෂිකා රාහුබැද්ද මෙහෙය වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වුණේ වට 3 ට 0 ක් ලෙසයි. ජොසප් රොෂිටා, චලනි ලියනගේ සහ මධූෂා රාමනායක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.

සබැදි පුවත්

කැරම් ගහන්න කුරේ හා පිරිස කොරියාවට !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top