විසි හැවිරිදි දීපිකා එම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී ඉකුත් ශූර මැලෙසියානු ක්රීඩිකා නිකොල් ඬේවිඞ් හමුවේ තරග වට 3-0 කින් පරාජයට පත්වූවාය.
එම ලකුණු තත්ත්වයන් 7-11, 9-11, 6-11 ක් වශයෙන් දැක්විණි.
ආසියානු ක්රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වේ තෙවැනි ස්ථානය සඳහා වෙනම තරගයක් නොපවත්වන බැවින් අවසන් පූර්ව තරග වටයේදී පරාජය වන තරග කරුවන් දෙදෙනාටම ලෝකඩ පදක්කම බැගින් ලබා දීම හේතුවෙන් ඇයට මෙම පදක්කම හිමිවූවාය.