මෙරට ක්රියාත්මක ලාබ නොලබන රාජ්ය අනුමැතිය ඇතුව 2003 වර්ෂයේදී ආරම්භ කර ඇති මෙම ආයතනය මේ වන විට අපේක්ෂා රෝහල් භූමියේ රෝගීන්ගේ සහසුව සදහා ඇදන් 190 කින් සමන්විත නවාතැම් පහසුකම්ද සපයා ඇත.
මෙම ආයතන විසින් ආරම්භ කර ඇති නවතම වැඩ සටහන වන්නේ සියදිවි හානිකර ගැනීම අවම මට්ටමකට ගැනීමත්,ඔවුන්ගේ මානසික තත්ත්වය ශක්තිමත් කිරීමත්ය.ඒ සදහා පැය 24 පුරා ක්රියාත්මක 1333 දුරකථන අංකය හදුන්වා දීම සදහා මෙම පා පැදි සවාරිය සංවිධානය කර ඇත.
මෙම සේවාවේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ක්රිකට් නායන කුමාර සංගක්කාර මහතාද එක්ව සිටියේය.
29 වැනිදා ආරම්භ කරන ලද මෙම පා පැදි සවාරිය ලබන 13 වැනිදා කොළඹ නිදහස් චතුරශ්රයෙන් අවසන් කිරීමට නියමිතව ඇත.
මෙහිදී අදහස් දැක්වූ සන්නාම තානාපති කුමාර සංගක්කාර මහතා,
"අඳුරෙන් එලියට 1333 දුරකථන අංකය ජනතාවට හදුන්වා දීම මෙම පා පැදි සවාරියේ පළමු අරමුණ වී තිබෙනවා.ලබන 13 වැනිදා දක්වා මේ පා පැදි සවාරිය රටේ නගර කීපයක් පසුකරමින් ගමන් කරනවා.එහිදී අපි වැඩ සටහන් කීපයක් පැවැත්වීමට අදහස් කර තිබෙනවා.කිසියම් අයෙකු යම් පීඩනයකට පත්ව සිටින්නේ නම් පුහුණුව ලබපු හොද උපදේශකයෙකු සමග නොමිලේ කථා කිරීමට,එම ගැටළුවෙන් මිදීමටත් අවස්ථාව ඇති බව ජනතාවට කියා පෑම තමයි මේ ගමනේ අරමුණ වී තිබෙන්නේ" යැයි පැවසීය.
ලබන මස 13 වැනිදා කොළඹ නිදහස් චතුරශ්රයෙන් මෙම පා පැදි සවාරිය නිමා වීමට නියමිතව ඇත.
සටහන සහ ඡායා - ජුඩ් සමන්ත -පුත්තලම