ඒ, මීටර් 400×4 සහය දිවීමේ පිරිමි ඉසව්වේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි ස්ථානයට පත්වීම නිසාය.
ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ.
එහි මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට ඊයේ සහභාගි වූ අතර එහිදී අරුණ දර්ශන, අජිත් ප්‍රේමකුමාර, පසිඳු කොඩිකාර සහ කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.
එම ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණේ, සිව් වැනි ස්ථානය යි.
ඔවුන් වාර්තා කළ කාලය මිනිත්තු 3:2.74 කි.
නව ආසියානු වාර්තාවක් සමගින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 3.56ක කාලයක් සටහන් කළ කටාර් කණ්ඩායමයි.
පිළිවෙළින් ඉන්දියාව සහ ජපානය රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තේ ය.
රංජන් පරණවිතාන - ජකර්තා සිට