Sep 01, 2018

රග්බි පිල චීනය පරදවමින් අවසන්පූර්ව තරගයට ! Featured

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ 31 දා පැවැති රග්බි අර්ධ අවසන්පූර්ව තරගයේදී චීනය පරදා ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකා පිල මෙම තරගය ජයගත්තේ 12-17 ක් වශයෙනි.

මේ අතර සෙසු අර්ධ අවසන් පූර්ව තරගවලදී කොරියාව විසින් මැලේසියාව (40 - 05) පැරදූ අතර හොංකොං (52) විසින් තායිලන්තයත් (00) ජපානය විසින් තායිපේත් (43 -00) පරදවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට මුණ ගැසෙන්නේ මෙවර රන් පදක්කම දිනාගනු ඇතැයි අපේක්ෂිත ප්‍රබල ජපන් පිලයි.

හොංකොං පිල කොරියානු පිල හමුවීමට නියමිතය.

Rugby 1

Rugby 2

Rugby 3

Rugby 4

Rugby 5

Rugby 6

රංජන් පරණවිතාන - ජකර්තා සිට

Ranjan JPG

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top