Sep 01, 2018

ශ්‍රී ලංකා රග්බි පිල ජපානය තැති ගන්වයි

ඉන්දුනිසියාවේ ජකාර්තාහි පැවැත්වෙන 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ජපාන පිලට තියුණු අභියෝගයක් ලබා දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 12-10 කින් පරාජයට පත් විය.

දෙවැනි භාගයේදී දෙපිලටම කිසිදු ලකුණක් ලබා ගත නොහැකි වූ තරමට තරගය උනුසුම් මුහුනුවරක් ගත්තේය.

ශ්‍රී ලංකා පිල අද රාත්‍රියේදී කොරියාව සමග ලෝකඩ පදක්කම සදහා තරග වැදීමට නියමිතය.

ජපාන පිල සමග දැක්වූ සටන්කාමිත්වය යලි ප්‍රදර්ශනය කිරීමට හැකි වුවහොත් ශ්‍රේනි ගත කිරීම් වල ඉදිරියෙන් සිටින කොරියානු පිල පරදා මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලන්කාවට ප්‍රථම පදක්කම දිනා දීමට ඔවුන්ට හැකි වනු ඇතැයි අපේක්ශා කෙරේ.

ජපානය හා හොංකොං අවසන් තරගයේදී රන් පදක්කම සදහා තරග වදිනු ඇත.

රංජන් පරණවිතාන - ජකර්තා සිට

Ranjan JPG

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top