Sep 06, 2018

ශ්‍රී ලංකා දැල්පන්දු පිලට තවත් ජයක්

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේදී ප්‍රබල මැලේසියානු කණ්ඩායම සමඟ පැවති තරගය 59 ට 62 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) සමත්විය.

සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 74 ට 61ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වී තිබේ.

මීට පෙර ශ්‍රී ලංකාව අතින් චීන තායිපේ, සිංගප්පූරුව හා ඉන්දියාව ද පරාජයට පත්විය.

අද දිනයේ දී ශ්‍රී ලංකාව හොංකොං සමග තරග වැදීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top