Sathosa

Sep 07, 2018

දැල්පන්දු පිල අපරාජිතව අවසන් පූර්ව වටයට !

11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් හතරේ ප්‍රමුඛයා වෙමින් ලකුණු 71-48ක් ලෙස හොංකොං පිල පරාජයට පත් කිරීමට සමත්විය.

එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සහභාගිවීමට ද අවස්ථාව ලැබිණි.

මේ අනුව මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන්නේද ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව මීට පෙර සත්කාරක සිංගප්පූරුවද ලකුණු 74-61ක් ලෙස පරාජය කළේය.

තරගය සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

(මිරර් ගේම්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top