Sep 12, 2018

ඈෂ්ලි වංචාව “හැකර්” පිටින් යවයි ? Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිත ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට කටයුතු කර ඇත්තේ “හැකර්” කෙනෙකු විසින් බවට මතයක් ගොඩ නැගීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

මෙසේ අස්ථාන ගත කිරීමට උත්සාහ ගෙන තිබුණේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ මුදලය.

කෙසේවුවද, මිරර් ගේම්ස් වෙත වාර්තාවන ආකාරයට අදාළ සිද්ධියේ ප්‍රධාන චූදිතයා බවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානියාට මෙතෙක් කිසිදු විනය පියවරක් ගෙන නොමැති බවද පැවසේ.
 
ඔහු අද (12) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැමිණියහොත් ඔහුට එම පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩකඩ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇතැයි ද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
 
මේවන විට ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයට සීල් තබා ඇතත් ඊයේ (11) එහි පැමිණි මූල්‍ය ප්‍රධානියාගේ සහයිකාවට මානව සම්පත් කළමනාකරන අංශයේ පුටුවක් හා මේසයක් ලබාදීමට ද ඈෂ්ලි මහතා කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
 
හිටපු ඇමතිගේ මීඩියා මෑන් සුමතිට කඩේ යයි !
 
මේ අතර, හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයකු ලෙස කටයුතු කළ සුමති ආයතනයේද සේවය කර ඇති අයකු මිරර් ගේම්ස් ඊයේ (11) දිනයේදී සුමති ආයතනයේ කිහිප දෙනෙකු ක්‍රිකට් මූල්‍ය අංශයේ සේවය කරන බවට කළ හෙළිදරවුව අසත්‍යක් බවට පුවත් පල කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවද මේ අතර වාර්තා වේ.
 
(මිරර් ගේම්ස්)
 
සබැඳි පුවත්
 
 
 
 
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top