Sathosa

Sep 16, 2018

“මාලි" වැඩ පෙන්නුවත් ලංකාවට කුජීත පරාජයක් !

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩුබායි ක්‍රීඩාංගයේදී ඊයේ (15) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 137 ක අන්ත පරාජයක් හිමිවිය.

බංග්ලාදේශය සියලුදෙනා දැවී ලකුණු 161 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සියලුදෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 124ක් පමණි.

වසරකට පමණ පසුව නැවතත් ජාතික කණ්ඩායමට එක් වූ ලසිත් සිය මාලිංග පළමු පන්දුවාරය යොමුකරමින් එහිදී බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු දෙක දවා ගැනීමට සමත්විය.

සිය පන්දුවාර 10 නිලකුණු පන්දුවාර දෙකක් ද සමගින් නිමා කළ ලසිත් ලකුණු 23කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.

මුල් කඩුලු බිඳවැටීමෙන් අසරණ වූ බංග්ලාදේශ ඉනිමට ලකුණු 144ක් එක් කරමින් මුෂ්ෆිකර් රහීම් බංගලාදේශ ඉනිම නැවතත් ගොඩ නැගීමට සමත් විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top