Sathosa

Sep 17, 2018

සිලෝන් මාස්ටර්ස් වෙතින් ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරඟාවලියක් Featured

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජ්‍යෙෂ්ඨ අන්තර්ජාතික බැඩ්මින්ටන් තරඟාවලිය නොවැම්බර් 26 සිට 29 දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව තුළ ජ්‍යෙෂ්ඨයන්ගේ හා ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ අටියෙන් පිහිටවනු ලැබූ සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය සඳහා දෙස් විදෙස් තරඟකරුවන් රැසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අවුරුදු 35 ට වැඩි හා 70 වැඩි සෑම වසර 5 කම වයස් ඛාණ්ඩ යටතේ පිරිමි, කාන්තා, මිශ්‍ර යන අංශවලින් තරඟ පැවැත්වෙන අතර අයදුම්පත් භාරගන්නා අවසන් දිනය නොවැම්බර් මස 12 දාය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද රුකුලක් වන අයුරින් සංවිධානය කරනු ලබන මෙම තරඟාවලියට රටවල් 10 කින් පමණ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ පිළිබඳව තොරතුරු දැන්වීම සඳහා පසුගියදා මාධ්‍ය හමුවක් පැවැති අතර ප්‍රවීණ බැඩ්මින්ටන් හා මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ පුරෝගාමී රොහාන් ද සිල්වා මහතා විසින් මෙහි දී එම සංගමයේ නිල වෙබ් අඩවිය වන www.ceylonmasters.com වෙබ් අඩවිය එළි දැක්වීම ද සිදු කෙරිණි.

තරඟාවලියේ අධ්‍යක්ෂ අජිත් විජේසිංහ, ට්‍රෙවර්රැකමාන්, යන වහත්වරු ද මීට සහභාගි වූහ.

+94112332375/+94777996699 / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙතින් තරඟාවලිය හා අයදුම්පත් පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැක.

40fdcd41 3160 4e84 896a 5a13e4ed48c9

397b1d36 bc94 4bbe bd5f a420da25edbf

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top