Sathosa

Sep 20, 2018

වෙළඳ සේවා සංගම් ‘බී’ කාණ්ඩයට ෆෙයාර් ඇන්ඩ් ලව්ලි සවිය

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය හා ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන් එක්ව සංවිධානය කරනු ලබන “වෙළඳ සේවා සංගම් ‘බී’ කාණ්ඩයේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය“ දෙවැනි වරටත් කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.

ජෝන් කීල්ස්, යුනිලීවර් ශ්‍රී ලංකා, සී.ඩී.බී, එච්.එන්.බී, කන්රිච් ෆයිනෑන්ස්, එක්ස්පෝ ලංකා, සිගර් ශ්‍රී ලංකා සහ කොමර්ෂල් බැංකුව යන කණ්ඩායම් 8 මෙවර ‘ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන් අභියෝගතා කුසලානය’ සඳහා තරග වදිනු ඇත.

‘මේ තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමට සිටින දක්ෂ ක්‍රීඩකයන්ට තම දක්ෂතා එළි දැක්වීමට මහගු වේදිකාවක් ලෙස මා දකිනවා. ඒ සදහා දෙවැනි වරටත් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන් සමග අත්වැල් බැද ගැනීමට ලැබීම අපට විශාල සතුටක්’ යැයි වෙළද සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

‘ක්‍රිකට් යනු ශ්‍රී ලාංකිකයන්ගේ හදගැස්ම සමග බෙහෙවින්ම සමිප වූ ක්‍රීඩාවක්. කෙතරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් අපිට සිටියත් නව පරපුරේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තලයට සමගාමීව ඉදිරියට යාමේදී යම් යම් දුෂ්කරතා මතුවන බව අපිට පෙනෙනවා. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි මෙන් ක්‍රිකට් අභ්‍යාස ආයතනය හදුන්වා දීමට අපි කටයුතු කළේ මේ නවක ක්‍රීඩකයන්ට තම දක්ෂතා වැඩි දියුනු කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දී රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය නංවාලීමේ පියවරක් වශයෙනුයි’ යැයි යුනීලීවර් ආයතනයේ ජ්‍යෙෂ්ට සන්නාම කළමණාකරු දමින්ද පෙරේරා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

සැප්තැම්බර් 26 වැනිදායින් ඇරඹෙන මෙම තරගාවලිය පුරා මාසයකට අධික කාලයක් පුරා පැවැත්වෙන අතර අවසන් තරගය නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගාවලියේ සමස්ථ තරග සංඛ්‍යාව 33 වන අතර පළමු වටයේදී ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සැලැස්ම අනුව ඉදිරි තරග ක්‍රීඩා කරනු ඇත.

ජායාරූපය - වෙළද සේවා බී කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලිය සඳහා අන්‍රග්‍රහය දක්වන චෙක්පත පිරි නැමීම සදහා වෙළඳ සේවා සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ලොඩ , එම සංගමයේ මහ ලේකම් නලීන් වික්‍රමසිංහ, තරගාවලි කමිටුවේ සභාපති සුජීව ද සිල්වා යන මහත්වරුන් සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම නියෝජනය කරමින් අලෙවි අධ්‍යක්ෂිකා නිලූෂි ජයතිලක මහත්මිය සහ යුනිලීවර් ආයතනයේ ජ්‍යෙෂ්ට සන්නාම කළමණාකරු දමින්ද පෙරේරා මහතා මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top