Sathosa

Sep 27, 2018

''කඩුළු අතර දිව යෑමේදී මැතිව්ස් ‘උදාසීනයි'' Featured

පිතිකරණයෙහි යෙදෙන විට කඩුළු අතර දිව යෑමේදී ඇන්ජලෝ මැතිව්ස් දක්වන 'උදාසීනත්වය' හා ඔහුගේ සහෝදර පිතිකරුවන් දුවද්දී දැවී යෑමට ලක් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව අවධානය යොමු කරයි.

මැතිව්ස්ගේ එම දුර්වලත්වය ආසියානු කුසලාන තරගාවලියේ දී ද දක්නට ලැබුණු බව තේරීම් කමිටුවේ ප‍්‍රධානී ග‍්‍රැහැම් ලැබ්රෝයි වෙත පවසා ඇත.

ඒ බව ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අවධානයට ද යොමුව තිබේ.

පන්දුවාර 50ක් සඳහා පන්දු රැකීමට හා පිතිකරුවෙකු ලෙසින් තම වගකීම ඉටු කිරීමට මැතිව්ස් අසමත්ව ඇති බව කියා සිටින ඔවුන් දෙදෙනා, ශී‍්‍ර ලංකා පිලේ අනෙකුත් කී‍්‍රඩකයින් ද එම අදහස දරන බව පවසයි.

මැතිව්ස් දුවද්දී දැවී යෑම් 64කට සම්බන්ධ බවත්, එය ලෝක වාර්තාවක් වන අතර, ඉන් අවස්ථා 49කදීම දැවී ගියේ ඔහුගේ සහෝදර පිතිකරුවන් බව හතුරුසිංහ කියා සිටී.

නායකත්වයෙන් හා ඉන් පසුව කණ්ඩායමෙන් ඉවත් කොට සිටින මැතිව්ස්, ඔහුගේ කලව ආබාධය නිසා කඩුළු අතර දිව යෑමේදී දක්වන දුර්වලත්වය ඉක්මනින් මග හරවාගෙන නැවතත් කණ්ඩායමට එක් වනු ඇති බවට පුහුණුකරුවා විශ්වාසය පළ කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top