Sathosa

Sep 29, 2018

ආසියානු කුසලානය ඉන්දියාවට 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් බංගලාදේශයට එරෙහිව කඩුලු 03 ක ජයක් ලැබූ ඉන්දියාව 07 වැනි වරටත් එම කුසලානය තමන් සතුකර ගැනීමට ඊයේ (28) සමත් විය.

ලකුණු 223 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ජයග්‍රහණය අත්කර ගත්තේය.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක රොහිත් ෂර්මා පන්දු 55 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් වාර්තා කළේය.
 
රොහිත් ෂර්මාගේ දැවී යාමෙන් පසු  පිටියට පිවිසි මහේන්ද්‍ර සිං දෝනි, දිනේෂ් කාර්තික් සමගින් එක්ව සිව්වන කඩුල්ල සඳහා ලකුණු 54 ක විශ්ෂට සබඳතාවයක් ගොඩ නගමින් ඉන්දීය ජයග්‍රහණයට පාර කපා දුන්නේය.
 
ඉන්දීය ඉනිමේ මුල් පිතිකරුවන් 5 දෙනාම ලකුණු 167 තුළ ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වුවද, රවින්ද්‍ර ජඩේජා සමගින් එක්වූ බුවනේෂ්වරන් කුමාර් ප්‍රෙව්සම්කාරි ඉනිමක් දියත් කරමින් වැඩිවාර ගණනක් පන්දුවට පහර දීමේ අස්ථාව රවින්ද්‍ර ජඩේජාට ලබා දුන්නේය.
 
නැවතත් තරගයට අවතීර්ණ වූ බංගලාදේශය රවින්ද්‍ර ජඩේජා සහ බුවනේෂ්වරන් කුමාර් පිටියෙන් ඉවත් කරමින් තරගය ඔවුන් වෙත හරවා ගැනීමට උත්සාහ කළද, කෙදාර් ජාදේව් සහ කුල්දීප් ජාදේව්ගෙන් එයට අවස්ථාවක් හිමි නොවීය. 
 
කේදාර් ජාදේව් අවසන් පන්දුවෙන් සිය ජයග්‍රාහී ලකුණ ලබා ගනිමින් 7 වැනි වරටත් ආසියානු කුසලානය ඉන්දියාවට දිනා දීමට දායක විය.
 
රුබෙල් හුසේන් සහ මුස්ටෆිසූර් රෙහ්මාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
 
ඉන්දියාව කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දීමට බංගලාදේශයට ආරාධනා කර සිටියේය. ඒ අනුව බංගලාදේශයට  පන්දුවාර 48.3 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 222 ක් පමණි.
 
විශිෂ්ට ඉනිමක් දියත් කළ ලිටන් දාස් පන්දු 117 කදී හයේ පහර 2ක්  සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 121 ක් රැස් කිරිමට සමත් විය. 
 
පළමු කඩුල්ල සදහා ලකුණු 120 ක සබඳතාවයක් ගොඩ නැගීමට ලිටන් දාස් හා මෙහෙදි හසන් මිරාස් සමත් වුවත් සෙසු පිතිකරුවන් අසාර්ථක වීම නිසා බංගලාදේශ ඉනිමේ  මුල්පෙළ පිතිකරුවන් 5 දෙනාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. 
 
ලිටන් දාස්, මෙහෙදි හසන් මිරාස් හා සෞම්‍ය සකාර් හැරෙන්නට සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට අවස්ථාව හිමි නොවීය.
 
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කුල්දීප් යාදේව් ලකුණු 45 කට කඩුලු 3 ක් සහ කෙදාර් ජාදේව් ලකුණු 41 කට කඩුලු 2 ක් බිඳ හෙලූහ.
 
බංගලාදේශයේ ලිටන් දාස් අවසන් තරගයේ වීරයා ‍ලෙසින් සමමාන ලබද්දී, ඉන්දියාවේ ෂිකර් ධවාන් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.
 
(මිරර් ගේම්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top