ඉන්ස්ටර්ග්‍රෑම් වෙත වීඩියෝවක් එකකරමින් රොනාල්ඩෝ පවසා තිබුණේ සිය නම යොදාගෙන ඔවුන්ට ජනප්‍රිය වීමට අවශ්‍ය බවයි.
මේ පුවත මුලින්ම වාර්තා කළ ජර්මනියේ ‘ඩර් ස්පීගල්’ සඟරාවට එරෙහිව නඩුමගට බසින බව රොනාල්ඩෝ ගේ නීතීඥයන් පවසා ඇත.
මෙම සඟරාවට අනුව රොනාල්ඩෝ විසින් 2009 දී ලාස් වේගාස් හි හෝටල් කාමරයක් තුළදී කැත්රින් මයෝගා නම් කාන්තාවක් දූෂණය කර ඇති අතර, ඇය විසින් ඒ සම්බන්ධයෙන් ලාස් වේගාස් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.
කෙසේවෙතත්, 2010දී දෙපාර්ශවය විසින් මෙම සිද්ධිය අධිකරණය හමුවට නොයා සමථයකට පත්කර ඇති බවත්, මේ සිද්ධිය යළි ප්‍රසිද්ධියට පත්නොකරන බවට පොරොන්දුව මත රොනාල්ඩෝ විසින් ඩොලර් 375,000ක මුදලක් ඇයට ගෙවා ඇතැයි පැවසෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.