ප්‍රකාශයක් ලබාදීමට ඈෂ්ලි ද සිල්වා මහතා සමඟ පැමිණෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරෝම් ජයරත්න මහතාට ද රහස් පොලිසිය පවසා ඇති බවද එහි දැක්වේ.
පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ රූපවාහිනී විකාශය වෙනුවෙන් සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා සමාගමින් ලැබිය යුතු 15% ක අවසන් ගෙවීම ක්‍රිකට් ආයතනයේ ගිණුම්වලට ලැබී නැතැයි මීට පෙර වාර්තා විය.
අදාළ මුදල සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා සමාගම විසින් ගෙවා ඇතත් එය ක්‍රිකට් ආයතනයේ ගිණුමට ලැබී නැතැයි පැවසේ. එය ලැබී ඇති ගිණුමද මෙතෙක් සොයාගත නොහැකි වී ඇති බව වාර්තා වේ.
එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා පිලේ විකාශ අයිතිය ලබාගෙන ඇති සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියා සමාගම ලබාදුන් ඩොලර් මිලියන 5ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නොවන වෙනත් ගිණුමකට යොමු කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් පසුගිය මාසයේදී අනාවරණය විය.
ඒ සම්බන්ධයෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනු ලබයි.
මේ අතර, ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර තිබුණේ 2013 - 2018 කාලය අතරතුර ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ මාධ්‍ය විකාශන අයිතීන් හා බැඳුනු සහ ලැබීම් හා ගෙවීම් සම්බන්ධව විශේෂ විගණන පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.
සබැඳි පුවත් :
ක්‍රිකට් ආයතනයේ තවත් මුදල් වෙනත් ගිණුම්වල !