Sathosa

Oct 08, 2018

අයි.සී.සී ක්‍රිකට් ආයතනයට පැන අයෙක් රැගෙන යයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පළාත් පුහුණුකරුවන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන හේමාල් මෙන්ඩිස්ගෙන් තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (08) ප්‍රශ්න කර තිබේ.

ඔහු ක්‍රිකට් ආයතනයේ සිටි අවස්ථාවේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් 3 දෙනෙකු පැමිණ ඔහු ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇත.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුද ක්‍රිකට් ආයතනයට පැමිණ ඇත.

මීට පෙර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාගෙන්ද තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top