පිරිමි දුර පැනීම (T42/T61/T634) කාණ්ඩයෙන් තරග වැදි නිර්මල බුද්ධික එම තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී, නායක දිනේෂ් ප්‍රියන්ත සහභාගී වූ හෙල්ල විසි කිරීම (F46) ඉසව්වේ රන් පදක්කම දිනා දීමට සමත් විය .
ඒ අනුව පැරා උළෙලේ 6 වන දිනය (11 වැනිදා) වන අද වන විට ශ්‍රී ලංකාව දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 11 කි. එයට රන් පදක්කම් 4 ක් රිදී පදක්කම් 4 ක් හා ලෝකඩ පදක්කම් 3ක් ඇතුළත් වේ. ඒ අනුව ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 14 වන ස්ථානයේ පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කවත් පදක්කම් බලාපොරොත්තු කිහිපයක් අද තරග බිමට පිවිසීමට නියමිතය.
(මිරර් ගේම්ස්)