Sathosa

Oct 15, 2018

පැරා තරු යළි දිවයිනට

ආසියානු පැරා තරගාවලියේ රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 6 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් සමගින් සමස්ථ පදක්කම් 14 ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) නැවතත් මව්බිමට පැමිණියේය.

රටවල් 43 ක් අතරින් 14 වැනි තැන දිනාගත් ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ තරගාවලි අතරින් පදක්කම් සටහනේ ඉදිරියටම පැමිණි අවස්ථාව බවට මෙය පත්විය. ඒ අනුව පළමු වරට 2010 වර්ෂයේ චීනයේ පැවැති පළමු ආසියානු පැරා තරගාවලියේදී ශ්‍රී ලංකාවට දිනාගත හැකි වූයේ රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් සමගින් පදක්කම් 9 ක් පමණි. ඒ අනුව එවර ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ හිමිවූයේ 17 වැනි ස්ථානයයි.

දකුණු කොරියාවේ පැවැති දෙවැනි ආසියානු පැරා තරගාවලියේදී සමස්ථ පදක්කම් 14 ක් දිනාගත් (රන් 1,රිදී 6, ලෝකඩ 7) ශ්‍රී ලංකාවට එවරද පදක්කම් සටහනේ හිමිවූයේ 19 වැනි තැනය.

ඒ අනුව මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 ක් දෙනෙකු පමණ සහභාගී වූ අතර එයින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4 ක් දිනා දීමට හැකියාව ලැබීන. ලබාගත් රන් පදක්කම් 4 න් 2 ක්ම අමිල ප්‍රසන් දිනාගත් අතර මෙවර කණ්ඩායමේ නායකත්වය දැරූ දිනේෂ් ප්‍රියන්ත හෙල්ල විසි කිරීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේය. නිර්මල බුද්ධික පිරිමි දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 14 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට අවස්ථාව හිමි විය.

අමරා ඉන්දුමති, චමින්ද සම්පත්, උපුල් ඉන්දික චූලදාස, පාලිත බණ්ඩාර හා නුවන් ඉන්දික රිදී පද්කම් දිනා ගනිද්දී, සුරංග කීර්ති බණ්ඩාර හා රෝද පුටු ටෙනිස් යුගල තරගය නියොජනය කළ සුරේෂ් රංජන් හා ලසන්ත සුරේෂ් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මෙවර තරගාවලියේදි රන් පදක්කම් 172 ක් ඇතුළුව සමස්ථ පදක්කම් 319 ක් සමගින් පදක්කම් සටහනේ පළමු තැනට පත්වීමට චීනය සමත් විය. ඒ අනුව රන් පදක්කම් 53 ක් සමගින් සමස්ථ පදක්කම් 145 ක් දිනාගත් කොරියාව දෙවැනි තැන දිනා ගනිද්දී, සමස්ථ පදක්කම් 136 ක් දිනාගත් ඉරානය තෙවැනි තැනට පත්විය.

ජායාරූපය - සංජය දසනායක

(Mirror Games ඇසුරෙනි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top