Sathosa

Oct 15, 2018

අර්ජුන හා මාලිංගට ලිංගික හිංසන චෝදනා !

කාන්තා ලිංගික හිංසනයට එරෙහිව #MeToo නම් හෑෂ්ටෑගය යටතේ මේ දින වල ඉතා තදබල ලෙස ක්‍රියාත්මක වන විරෝධතා ව්‍යාපාරයට සමගාමීව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු ගේ නම් ද ඈඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට එලෙස ඈඳී ඇත්තේ හිටපු ක්‍රිකට් නායක හා වත්මන් ඇමති අර්ජුන රණතුංග ගේ හා ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ගේ නම්ය.

ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කරන අන්දමට රණතුංග මහතා හට මෙම චෝදනාව එල්ල කර ඇත්තේ ගුවන් සේවිකාවක් විසිනි.

මුම්බායි හෝටලයක පිහිනුම් තටාකය වෙත යන අතරමගදී තමා මෙලෙස අතවරයට ලක්වූ බවත් මෙම කාන්තාව ෆේස්බුක් පණිවිඩයක් ඔස්සේ පවසා තිබේ.

fb post maligaමේ අතර, ඉන්දියානු ගායිකාවක වන Chinmayi Sripaada සිය ට්විටර් ගිණුම ඔස්සේ තවත් කාන්තාවක් විසින් යෙදූ සටහනක් share කර ඇත්තේ ‘Cricketer Lasith Malinga’ (ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග) ලෙස කෙටි සටහනක් එක්කරමිනි.

ඇය විසින් share කරන ලද සටහනේ දැක්වෙන්නේ එම කාන්තාව, වසර කිහිපයකට පෙර පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක් අතරතුරදී සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩයකයෙකු අතින් ලිංගික හිංසනයට ලක් වූ සිද්ධියක් පිළිබඳවයි.

එම ට්විටර් සටහන ද පහත දැක්වේ.




(මූලාශ්‍ර : hindustantimes.com / indiatoday.in)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top