Oct 15, 2018

ජයසූරියට ICC යෙන් දූෂණ චෝදනා!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි නීති පටිපාටිය දෙවරක් උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා ලබා සිටින හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය හට මේ සම්බන්ධයෙන් හේතු දැක්වීමට අද (15) සිට සින 14ක් ලබාදී ඇතැයි වාර්තා වේ.
 මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
 
ජයසූරිය මහතා හට පරිච්ඡේද අංක 2.4.6 හා 2.4.6 යටතේ චෝදනා එල්ල වී ඇත.
 
මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු කිසිවක් ඉදිරිපත් නොකරන බව ද එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top