ඒ ආජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් අද (20) කටුනායක ගුවන් තොටෙන් ලංකාවට ඇතුළුවීමෙන් පසුව මංගල රූපවාහිනී වැඩසටහන ලෙස පාරමී රූපවාහිනීයේ RU පුවත් සඳහා එක්වෙමින් මේ වාසනාව දිනා ගත්තේය.
පාරමී ප්රවෘත්ති මැදිරියේ සිටියදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා RU පුවත් මැදිරියට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ප්රවෘත්ති විකාශයට සජීවීව එක්ව පාරමීගේ මව හා පියා දැනට වෙසෙන නිවස අලුත්වැඩියාකර දීමටත් ඇයට පුහුණුවීම් කටයුතු ආදිය සාර්ථකව කරගෙනයාමට කොළඹින් මහල් නිවසක් ලබාදීමටත් ඔහු එහිදී පොරොන්දු විය.
මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන්නේ අදාල නිවස ලබන 30 වැනිදා ඇයට ලබාදීමට අමාත්‍යවරයා සියලු කටයුතු සූදානම්කර ඇති බවයි.
වීඩියෝ අනුග්‍රහය - ජාතික රූපවාහිනිය