Oct 23, 2018

දෝනි, ගාම්භීර් දේශපාලනයට?

ඉන්දියාවේ දැවැන්ත ක්‍රිකට් තරු ද්විත්වයක් 2019 මහමැතිවරණයට තරග කරනු ඇති බවට මේ දින වල ඉන්දීය මාධ්‍ය ඔස්සේ වාර්තා වේ.

'timesnownews.com' වෙබ් අඩවියට අනුව ගෞතම් ගාම්භීර් භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් නවදිල්ලියෙන් මහමැතිවරණයට තරග කිරීමට නියමතය.

මේ අතර, 2011 ලෝක කුසලානය දිනු ඉන්දීය කණ්ඩායමේ නායකයා වන මහේන්ද්‍ර සිං දෝනිගේ ගම් පළාත වන ජාර්ඛාන්ඩ් ප්‍රාන්තයේ නියෝජිතයා ලෙස ඔහුව පත්කිරීමට භාරතීය ජනතා පක්ෂය මේ දිනවල ඔහු සමග සාකච්ඡා කරමින් සිටින බවද එහි වැඩිදුරටත් දැක්වේ.

(මූලාශ්‍රය : timesnownews.com)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top