Oct 25, 2018

චෙස් කිරුළ පතා ස්පාඤ්ඤයට යන යොෂීඩාවේ තරුලි

ලබන නොවැම්බර් මාසයේ දී ස්පාඤ්ඤයේදී පැවැත්වෙන ලෝක කණිෂ්ඨ චෙස් ශූරතාවය සඳහා වයස අවුරුදු (10) පහළ කාණ්ඩයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සපුගස්කන්ද යොෂීඩා විද්‍යාලයේ තරුලි විහස්නා රංගනාත් සිසුවිය සහභාගී වීමට නියමිතය.

ලෝක චෙස් සම්මේලනය විසින් වාර්ෂිකව මෙම තරගාවලිය සංවිධානය කරයි. තරුලි ,2017 වසරේ දී අවුරුදු (10 ) දහයෙන් පහළ කාන්තා සමස්ත ලංකා ශූරතාවයද දිනා ගත් අතර පසුගිය දා තායිලන්තයේ පැවති 14 වැනි ආසියානු කණිෂ්ඨ චෙස් තරගාවලියේ දී , රටවල් 51 අතරින් අවුරුදු (10 ) දහයෙන් පහළ කාන්තා අංශයේ තම කණ්ඩායම සමග රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත්තාය.

පාසලේ පළමු වසරේ සිට චෙස් ක්‍රීඩාවට යොමු වූ තරුලි , මේ වනවිට දෙස් විදෙස් තරග පනහකට වඩා ජය ගෙන ඇත.

නවගමුවේ ෂෙන්ස කවිෂ්ක මහතාගේ උපදේශකත්වය යටතේ චෙස් ක්‍රීඩාව ප්‍රගුණ කරන ඇය කියා සිටියේ , ලෝක ශූරතාවයේ දී ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රවුඩා ,උස්බෙකිස්ථානයයේ අෂ්කූෂා කසකස්ථානයේ සෙරීන් සහ ඩෙනීෂා ප්‍රබල තරගකරුවන් ලෙස තමන්ට හමුවූ බවයි.

chessgirl

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top