Oct 31, 2018

නුවන් සොයිසාට ත් ICC යෙන් දූෂණ චෝදනා!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන නීති සංග්‍රහයේ කරුණු තුනක් උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ලෙස සේවය කරන නුවන් සොයිසා මහතා මේ වන විට චෝදනා ලබා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇත්තේ දූෂණ මර්ධන නීති සංග්‍රහයේ 2.1.1 වගන්තිය, 2.1.4 වගන්තිය හා 2.4.4 වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල වන බවයි.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සොයිසා මහතාගේ සේවය අත්හිටුවා ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට සොයිසා මහතා හට හෙට (නොවැම්බර් 01) සිට දින 14ක් ලබාදී තිබේ.

මීට කලින් දූෂණ චෝදනා සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතාටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල විය.

 සබැඳි පුවත් : 

ක්‍රිකට් දූෂණ: ICC චෝදනා ගැන සනත් ජයසූරියගෙන් නිවේදනයක්

ජයසූරියට ICC යෙන් දූෂණ චෝදනා!

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top