Nov 01, 2018

ක්‍රිකට් ඕස්ට්‍රේලියා ලොක්කා ඉල්ලා අස්වෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඩේවිඩ් පීවර් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

දකුණු අප්‍රිකානු සංචාරය තුළදී පන්දුව පලුදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුගියදා එළිදැක්වූ වාර්තාවක් විසින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි ලෙස විවේචනය කර තිබේ.

සිඩ්නි නුවර පිහිටි ලාභ නොලබන සංවිධානයක් වන ‘දි එතික්ස් සෙන්ටර්’ විසින් එළිදැක්වූ මෙම වාර්තාව පිටු 145කින් යුක්ත වේ.

මෙම සිද්ධියට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයද වගකිව යුතු බව එම වාර්තාවේ සඳහන් කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top