Nov 01, 2018

ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානියා යළි රිමාන්ඩ් 

අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක මේ මස 15 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (01) නියෝග කර තිබේ.

සැකකරුගේ නීතිඥයන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ද විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. 

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේදී රූපවාහිනී අයිතිය විකිණීමට අදාළ මුදල වෙනත් ගිණුමකට යොමු කිරීම සඳහා උපදෙස් ලබාදුන් බවට මොහුට විරුද්ධව චෝදනා එල්ල වන අතර, ඔහුව පසුගිය 22දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුණි. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top