nsb
Sathosa

Nov 07, 2018

ක්‍රිකට් බලධාරීන් ගේ වැරදි වහගන්න ප්‍රේක්ෂකයින් දඹුල්ලට පටවලා! Featured

එංගලන්තයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය කලින් තීරණය කර තිබුණු පරිදි මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය පිළිබඳව ගැටළුවක් හට ගත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින්ට නවාතැන් ගැනීම සඳහා සුදුසු හෝටලයක් මහනුවරින් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

ඔවුන්ට නවාතැන් ගැනීමට සැලසුම් කර තිබූ අර්ල්ස් රීජන්සි හෝටලයෙහි කාමර කල්තබා වෙන් කරවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාර කමිටුව අපොහොසත් වී ඇති අතර, මේ හේතුවෙන් විදෙස් ප්‍රේක්ෂකයින් විසින් සංචාරක ඒජන්සි හරහා වෙන් කරවා ගෙන තිබුණි.

මෙම තත්ත්වය හමුවේ දඹුල්ලෙන් හෝ මාතලෙන් හෝ නවාතැන් පහසුකම් ලබා දීමට ක්‍රි‍කට් ආයතනය ඉදිරිපත් වූවද, මහනුවරට ඇති දුර මත ක්‍රීඩකයින් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේවෙතත්, ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා විසින් එම හෝටලයේ බලධාරීන්ට ලිඛිතව දන්වා ඇත්තේ, ක්‍රීඩකයින්ට ප්‍රමාණවත් කාමර සංඛ්‍යාව නිදහස් කර දෙන ලෙසටයි.

 104179503 earlsregencyඅර්ල්ස් රීජන්සි හෝටලයේ සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට ඇත්තේ කෙටි දුරකි

 104179505 dambula1දඹුල්ලේ ජෙට්විං ලේක් හෝටලයේ සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට ගමන් කිරීමට පැය පැය 2කට වැඩි කාලයක් ගතවේ

ප්‍රේක්ෂකයින් දඹුල්ලට පටවයි!

මේ හේතුවෙන් අර්ල්ස් රීජන්සි හෝටලේ නවාතැන් අහිමි වන ප්‍රේක්ෂකයින් හට දඹුල්ලේ ජෙට්විං ලේක් ඇතුළු වෙනත් හෝටල තුනක කාමර 69ක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් වෙන් කරවා දී ඇතැයි බීබීසී පුවත් වාර්තා කර සිටී.

මීට අමතරව, ක්‍රී‍ඩාංගණය සහ එම හෝටල් අතර ඔවුන්ට ප්‍රවාහන පහසුකම් පොලිස් පෙරගමන්කරුවන් ද සහිතව ලබා දීමට මෙන්ම, අතරමගදී බීර හා සිසිල් පැන්ද , හෝටලයේදී වයින් හා පළතුරු ද, ක්‍රීඩාංගණයේදී දිවා ආහාරය ඇතුළු පහසුකම් රැසක් ද ඔවුන්ට නොමිලේ ලබා දීමට අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

නමුත්, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ සිට විනාඩි 16ක් පමණ කාලයකින් ගමන් කළ හැකි අර්ල්ස් රීජන්සි හෝටලය වෙනුවට ක්‍රීඩාංගනයේ සිට යාමට පැය 2කට වැඩි කාලයක් ගතවන දඹුල්ලේ හෝටල්වලට ප්‍රේක්ෂකයන් මාරු කර යැවීම සම්බන්ධයෙන් සංචාරක ක්ෂේත්‍රයෙන් හා මාධ්‍යයෙන් දැඩි ලෙස විවේචන එල්ලව තිබේ.

අමතර වියදම්!

පසුගිය දෙසැම්බර් 04 වැනිදා ඉන්දීය තරග සංචාරයක් සඳහා පිටත්ව යෑම සඳහා ක්‍රී‍ඩකයින් ගුවන් යානයට නැගීමට ආසන්නව සිටියදී එවකට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර ක්‍රීඩකයින් නව දෙනෙකු නැවත ගෙන්වා ගත්තේය. තරග සංචාරය සඳහා ඔවුන්ට අනුමැතිය දුන් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි - ඈෂ්ලි ද සිල්වා විසින් යා ඔවුන්ගේ ගුවන් ගමන් ප්‍රවේශපත් සඳහා වැය වූ වියදම පියවිය යුතු බව ද ඇමතිවරයා එම අවස්ථාවේදී දන්වා තිබූ නමුත් එය එසේ සිදුනොවුණි.

මේ අවස්ථාවේදීද, එංගලන්ත තරග සංචාරය සඳහා කලට වේලාවට නවාතැන් පහසුකම් වෙන්කරවා ගැනීමට සංචාර කමිටුව අපොහොසත් වීම හේතුවෙන් ක්‍රික‍ට් ආයතනයට අමතර වියදම් රාශියක් දැරීමට සිදුව ඇති අතර, මෙම විශාල වියදම් සම්භාරය පියවිය යුත්තේ කවුරුන් දැයි ක්‍රීඩා විශ්ලේෂකයන් විමසා සිටියි.

සබැඳි පුවත් :

ක්‍රිකට් පිල තේරීමට බලපෑම් : පාඩුව ඈෂ්ලිට ගෙවන්න වෙයි !

නුවර ටෙස්ට් තරගය කොළඹට විසිවෙයි ?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top