nsb
Sathosa

Nov 08, 2018

මේ කවුද? මොනවද කරන්නේ? Featured

ක්‍රිකට් තරග පාවාදීම් පිළිබඳව පසුගිය කාලයේ දිගින් දිගටම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ මර්දන කමිටුව විසින් පරීක්ෂණ පැවැත්වූ අතර, එවැනි තත්ත්වයක් හමුවේ සැකයට තුඩු දෙන දසුනක් පෙරේදා දිනයේදී (06) මාධ්‍යවේදීන් ගේ කැමරා කාච වලට හසු වී තිබුණි.

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංණයේදී සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ ආරම්භවු පළමු ටෙස්ට් තරගයේදීය.

ගාලුකොටුපවුර මත සිට තරගය නරඹන්නාවූ ඉන්දීය හැඩරුවට සමාන කිහිප දෙනෙක් නිරන්තරයෙන්ම සිය ජංගම දුරකතන වල රැඳී සිටින අයුරු මෙහිදී දිස්විය. මේ පිළිබඳව සෙවිල්ලෙන් පසුවූ සියල්ලන් හටම මොවුන්ගේ ඉරියව් පිළිබඳව සැක පහල වී ඇති අතර, මොවුන් ඉන්දීය බුකීකරුවන් ගේ සහයකයන්ද යන්න පිළිබඳව මේ වන විට කසුකුසුවක් පවතියි.

ckteam11

ckteaq1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top