ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1ට-0ක් ලෙස පෙරමුණ ගැනීමටත් එංගලන්තය සමත්විය.
මෙම තරගය ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්වූ අවසන් ජාත්‍යන්තර තරගයද විය.
තරගයේදී පන්දු යැවීමෙන් ඔහු ඉනිම දෙකේදීම කඩුලු තුනක් දවා ගැනීමට සමත්විය.
හේරත් ගාලු පිටියේ කඩුලු 100 සීමාව ඉක්මවා ගිය අතර ඒ අනුව එක් පිටියක කඩුලු 100 සීමාව පසුකළ තෙවැනි ක්‍රීඩකයා ලෙසත් හේරත් වාර්තා අතරට එක්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 342ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 203ක් පමණි.
නැවතත් එංගලන්තය කඩුලු 6ට ලකුණු 322ක් රැස්කර ඉනිම අත්හිටවූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 462ක ඉලක්කයක් හිමිවිය.
එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 250ක් පමණි.